ලංකාවේ 3කට සෞදියේදී මරණ දඬුවම

null

සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට එරෙහිව ජෙඩා මහාධිකරණය මරණ දඬුවම තහවුරු කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.

2007 වසරේදි ආයුධ සන්නද්ධව යේමන් ජාතිකයෙකුට පහරදී ඝාතනය කොට ඔහු සතුව තිබූ මුදල් කොල්ලකෑම ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

සෞදියේ ජෙඩා නුවර ප්‍රාථමික අධිකරණයෙන් 2008දී මරණ දඬුවම නියම වු මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනය නිශ්ප්‍රභ කරමින් ජෙඩා මහාධිකරණය මෙම මරණ දඬුවම තහවුරු කැර තිබේ.

ඒ පසුගිය සතියේදී මොවුන්ගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ය.

මෙලෙස මරණ දඩුවම නියමවී ඇත්තේ කුරුණෑගල මහව ඩබ්ලිව් එම් එන් බී තෙන්නකෝන් (33)දෙහිවල තුෂාර දිනේෂ් පෙරේරා(36) හා රාගම කේ ඒ පී ජී යු නානයක්කාර (34) යන පුද්ගලයන් තිදෙනාටය.

මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කර ඇති අතර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම දඬුවම ලිහිල් කරගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, ඊට අදාළ ලිපි ලේඛනද මේ වනවිට සෞදි තානාපති කාර්යාලය හරහා එරට අධිකරණය වෙත යොමුකර ඇති බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>