ලංකාවේ IS සාමාජිකයා ගලේවෙල පාසලක හිටපු විදුහල්පතිවරයෙක්

null

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක්ව සටන් වැදී මියගිය ශ්‍රී ලාංකිකයා ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

ඔහු සේවය කර ඇති ජාත්‍යන්තර පාසලේ හිමිකරු වන මොහොමඞ් සහබ්දීන් මොහොමඞ් සමීර් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔහු මක්කම් වන්දනාවේ යන බව පවසා ලංකාවෙන් පිටත්ව ගිය බවයි.

අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී මියගිය ශ‍්‍රී ලාංකිකයා 37 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ උපන්ගම මහනුවර – වැරැල්ලගම වේ. ඔහුගේ බිරිඳගේ පදිංචිය කොළඹයි. ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන කාලයේ මොහු මූස්ලි ලිලම්දන් යන නාමය භාවිත කර තිබේ.

පසුගියදා සිරියාවේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසුගිය සතියේදී මෙම ශ්‍රී ලාංකිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ වාර්තා වී තිබූ අතර, ඔහුව අයි.එස්. සටන්කාමීන් හඳුන්වා තිබුණේ අබු සයිලානි යන නමින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>