ලංකාව ගැන බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්

null

බි‍්‍රතාන්‍ය රජය ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන එරට පුරවැසියන් වෙත නව අවදානම් නියෝගයක් නිකුත් කර තිබේ. බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් ඇතැම් විට ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා ඇතිවිය හැකි බවයි.

දේශපාලන රැස්වීම් සහ පෙළපාලී අතර තුර ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවද, එම ස්ථාන මගහරිමින් සංචාරය කිරීමට කටයුතු කරන ලෙසද බ්‍රිතාන්‍යය රජය එයින් දැනුම් දී ඇත.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් එහි දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඉල්ලා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>