ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කළ ත්රස්තවාදියා එල්ලා මරයි
පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2009 වසරේ පකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට වෙඩි ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදී කල්ලියේ මහා මොළකරු මොහු වේ.
තලෙයිබාන් කැරලිකරුවන් විසින් ප්රෙෂාවර් ප්‍ර දේශයේ පාසලක සිසුන් ඇතුළු පුද්ගලයින් 148 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියෙන් අනතුරුව පකිස්ථාන රජය විසින් ත්‍රස්තවාදින්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළේය.
ඒ අනුව ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී එල්ලා මරා දමා තිබේ.
අකීල් අහමඩ් හෙවත් ඩොක්ටර් උස්මාන් සහ අර්ෂාඩ් මෙහෙමුද් හෙවත් මෙහර්බාන්ට මෙලෙස මරණ දඬුවම හිමිව තිබෙන අතර මොවුන්ගෙන් අකීල් අහමඩ් ලාහූර් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොහු ලක්ෂාර් ඊ ජහන්ගි සංවිධානය නියෝජනය කරන අතර 2006 වසරේ දි පකිස්ථාන හමුදාවේ සාමාජිකයෙකුව සිට ඇත.