ලක්ෂ 10ක අල්ලස් ගනිද්දී පොලිස් නිලධාරියෙකු මාට්ටු

null

රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙකු ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේදී ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 15ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2013 වසරේදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බන්ධානාගාර නියාමකවරයෙකුට එරෙහිව පවතින නඩුවක ඔහුට පක්ෂව සාක්ෂි ලබාදීම සඳහා කොස්තාපල්වරයා මෙම අල්ලස් මුදල ලබාගැනීමට උත්සාහ කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හික්කඩුව ශාඛාවේ පොලිස් කොස්තාපල්වරයා අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>