ලක්ෂ 6ක් වටිනා රන් මුදුවක් සොරකම් කල හැටි – CCTV දර්ශන

null

නුවරඑළිය නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් මුදුවක් සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිම සඳහා සි.සි.ටි.වි දර්ශන ඔස්සේ නුවරඑළිය පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ (17) උදැසන 10.30 පමණ එම වෙළදසැලට පැමිණි සැකකරු රන් මුදු කිහිපයක් මිලදි ගැනිමට අවශ්‍ය බව වෙළදසැල් සේවකයන් හට පවසා තිබෙන අතර එම වෙළදසැලේ අලෙවි කිරිමට තිබු අලුතින් ගෙනා වටිනා රන් මුදු කිහිපයක්ම වෙළදසැල් සේවකයන් විසින්ගැනුම්කරුට පෙන්වා ඇත.

එහිදි එම සැකකරු කාන්තා රන් මුද්දක්ද මිල දි ගැනිමට අවශ්‍ය බව වෙළදසැලේ සේවකයාට දැනුම් දිමෙන් පසු එම අවස්ථාවේ වෙළදසැලේ කාන්තා රන් මුදු නොතිබුණු නිසා ඔහුට අයත් එම ස්වර්ණාභරණ අලෙවි සැලට යාබදවම පිහිට අනෙත් ස්වර්ණාභරණ වෙළදසැලෙන් කාන්තා රන් මුදු කිහිපයක් ගෙනවිත් සැකකරුට පෙන්වා ඇත.

එහිදි සැකකරු විසින් කාන්තා මුද්දක් තොරාගෙන එය මිලදි ගැනිමට තම බිරිඳ සමඟ පැමිණෙන බව පවසා ඔහු වෙළදසැලෙන් පිටව ගොස් ඇත.

එම අවස්ථාවේ සැකකරුට පෙන්වු ස්වර්ණාභරණ සියල්ලම ආපසු වෙලදසැලේ සේවකයන් විසින් රැගෙන ආපසු ආරක්ෂිතව තබා ඇත.

පසුව වෙළදසැලේ අයිතිකරු වෙළදසැලට පැමිණ අලුතින් වෙළදසැලට ගෙනා රන් මුදුව පිළිබඳව සේවකයින්ගෙන් විමසු අවස්ථාවේ එම රන් මුදුව නොමැති බවට තහවුරු වි වෙළදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කිරිමේදි එම සැකකරු ඉතා සුක්ෂම ලෙස රන් මුදුව සොරා ගෙන ඔහුගේ ඔහුගේ කලිසම් සාක්කුවේ දමා ගන්නා ආකාරය පටිගත වි තිබුණු අතර, ඒ අනුව එම මුද්ද සොරගෙන ගොස් ඇති බව තහවුරු වි ඇත.

වෙළදසැලේ රැදි සිටි සැකකරු විනාඩි 20 තුළ රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් මුදුව සොරාගෙන ගොස් ඇති බව වෙළදසැලේ හිමිකරු පවසන අතර මෙම සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් නුවරඑළිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>