ලක්‍ෂ 45ක විදේශ මුදල් තොගයක් රේගු දැලේ

null

රුපියල් ලක්‍ෂ 45ක විදේශ මුදල් තොගයක් රටින් බැහැර කිරීමට තැත්කළ ලාංකික ජෝඩුවක් කටුනායක ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකානු ඩොලර් 17,750ක් සහ යුරෝ 15,000ක් ඔවුන් සතුව තිබි සොයාගෙන තිබේ.

ලංකාදීප පුවත් වාර්තා කරන පරිදි සැකකරුවෝ ගම්පහ කඩවත ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි සහ සපත්තු ව්‍යාපාරිකයෝ වෙති. මොවුහු නිතර නිතර බැංකොක් හා චෙන්නායි අතර ගමන් බිමන් යන එන බව රේගුව කියයි. ව්‍යාපාරික හිතවත් කම් මත දෙදෙනා එකට කිහිප විටක්ම මෙසේ ගමන් බිමන් ගොස් අති බව අනාවරණය වී ඇත.

ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 402 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට අද අළුයම එකයි හතලිහට පමණ කටුනායකට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>