ලකේගලින් ඇද වැටී තරුණයෙකු මියයයි

milindurasadun

නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 පමණ උසකින් වැටී මියගිය බව පොලිසිය පවසයි.

කන්ද තරණය කරමින් සිටියදී ආධාරක ලණුව කැඞී යාම නිසා ලකේගල පාමුලට ඇද වැටී තරුණයා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ – පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි මිලිඳු රසඳුන් පෙරේරා නමැති උපාධිධාරී තරුණයෙකි.

මිය ගිය තරුණයා, තවත් තරුණයින් 5 දෙනෙකු සමඟ (25) පස්වරුවේ ලකේගල තරණය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන්නා. තරුණයන් දෙදෙනෙකු ලකේගල මුදුනට ළඟා වී ඇති අතර තුන්වැන්නා ලෙස කඹය ආධාරයෙන් ඉහළට නගිමින් සිටියදී, මිලිඳු මෙලෙස අනතුරට ලක්ව ඇති බව උඩුදුම්බර පොලීසිය ප‍්‍රකාශ කරයි.

රාවණා රජු සම්බන්ධ පුරාවෘත්තවලදී ද නිරන්තරයෙන් කියැවෙන දුම්බර මිටියාවතේ පිහිටි ලකේගල කන්ද මීටර් 1310ක උසින් යුක්ත වන අතර ලකේගල ත්‍රිකෝණාකාර පර්වතයකි. ලංකාපුරයේ රජකළ රාවණා රජු සිය දඬුමොණරය අහසට නැංවුයේ ලකේගල මුදුනින් යැයි මීමුර වැසියෝ විශ්වාස කරති.

lakegala
lakegala

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>