ලගුම්හලක් ලෙස පෙන්වූ ගබ්සා මධ්‍යස්ථානය

null

තාවකාලික ලැගුම්හලක් ලෙස පෙන්වමින් කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයකුබව කියන පුද්ගලයකු කාන්තාවන් තිදෙනෙකු සමඟ ගබ්සා කිරීමට යොදාගන්නා ඖෂධ හා උපකරණ රැසක් සොයා ගත් බව වලාන දුෂණ මර්ධන ඒකකය පවසයි. අදාළ ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා ශාන්ත ලොකුබණ්ඩාර නමැති අයෙකු වන අතර මොහු කලකර පෙර රජයේ වෛද්‍ය වරයෙකු ලෙසද සේවය කර තිබෙ.

වටලිමත් සමග සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට පත්ව තිබේ. මොහු කලක් තිස්සෙම SEA SHORE GUEST නමින් මෙම ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ 314/2 බී ගාලු පාර කොළඹ 03 යන ලිපිනයේ පිහිටි මෙම වෛද්‍යවරයාගේ නිවසේය. තෙමහල් නිවසේ පහළ මාලයේ ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතරතුර ඉහළ මාලයන්හි මෙම පුද්ගලයාගේ බිරිඳක් සහ දරුවන් කිහිපදෙනෙකුද පදිංචිව සිට ඇත.

තමන් වසර 25ක පමණ කාලයක සිට නීති විරෝධී ගබ්සාවන් සිදු කරමින් සිටිනා බවත් ඒ සඳහා රුපියල් 20000ක් 30000ක් පමණ අය කරනා බවත් පවසා ඇත.

මෙම මධ්‍යස්ථානයේ තිබී මෙරටට ගෙන්වීම තහනම් ‍ඖෂධ සහ උපකරණ රාශියක් අත්අඩංගුවට පත්ව ඇති අතර වෛද්‍යවරයාගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ඩීවීඩි තැටිද සොයාගෙන ඇත.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>