ලස්සන වීමට ගත් එන්නතෙන් වෛද්‍යවරියක් මරුට

injection

බම්බලපිටිය විශාඛා පාරේ පිහිටි රූපලාවන්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගත් බව කියන වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. එම රූපලාවන්‍යාගාරයෙන් ඇය තරබාරුකම පාලනය කිරීමට සහ සම පැහැපත්වීමට ලබාගන්නා ලද එන්නතක් වීෂ වීම හේතුවෙන් අදාළ වෛද්‍යවරිය ජීවිතක්ෂයට පත්වී ඇති බවට සැකපළ වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි වියේ පසුවන වෛද්‍යවරියකි. ඇය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කළ වෛද්‍යවරියක බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම රූපලාවන්‍යාගාරයෙ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙරටදී එම්.බී.බී.එස් උපාධිය ලබා අමෙරිකාවේදී විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකු බව පොලීසිය කියයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>