ලස්සන වීමට ගිය වෛද්‍යවරිය මියගියේ මෙහෙමයි
කොළඹ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ප්‍රකට රූපලාවන්‍යාගාරයෙන් ප්‍රතිකාර ගන්නට ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රියංගි අලූත්ගේ(47) නමැති වෛද්‍යවරියක ප්ලාස්ටික් සැත්කමට සූදානම් කළ එන්නතක් විෂවී ඊයේ(12) හදිසියේ මියගියාය. මේ සම්බන්ධව සැකකාර වෛද්‍ය නිමල් ගමගේ අත්අඩංගුවට ගත අතර ඊයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීන්දු කර ඇත්තේ ඔහුව තවත් දින 5ක් රිමාන්ඩ් බාරයේ තබා ප්‍රශ්න කිරීමටය.
මියගිය ප්‍රියංගි වෛද්‍යවරිය කොළඹ ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවය කල දෙදරු මවකි. අදාළ වෛද්‍යවරියගේ මුහුණේ ඇස අවට සම රැලි වැටීම සකස් කර පැහැපත් පෙනුමක් ලබාගන්නට එම ආයතනයට ගොස් තිබුණු අතර එය පවත්වාගෙන යන නිමල් ගමගේ නමැති ප්‍රසිද්ධ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා ඇගේ උදර ප්‍රදේශයෙන් සම කොටසක් කපා බද්ධ කර මෙම ප්ලාස්ටික් සැත්කම කරන්නට සැලසුම් කර තිබු බව වාර්තා විය.
මෙම සැත්කම සඳහා එම වෛද්‍යවරයා රුපියල් 100,000 ක මුදලක් අය කර ඇත. සැත්කමට පෙර ඇය මුදල් තැන්පතු ලෙස රුපියල් 10,000 ක මුදලක් වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර ඉතිරි 90,000 ක මුදල සැත්කම කරන දිනයේ ලබාදී ඇත.
පසුව ඇයව සැත්කම සඳහා සූදානම් කරන්නට වෛද්‍යවරයාගේ අනුදැනුම මත ප්‍රතිජීවක ඖෂධයක් එන්නත් කර තිබේ. වෛද්‍ය නිමල් ගමගේ ප්‍රකාශ කර ඇත්තේ ටමන් ඇයට දුන් ප්‍රතිජිවකය සේෆියුරෝක්සිම් වන බවත් මවැනි සැත්කම් වලදී එම ප්‍රතිජිවකය ලබා නොදෙන බවත් ඇගේ ඉල්ලීම මත මෙය ලබාදුන් බවත්ය. ඒ අනුව ඇගේ අතේ නහර හරියාකාරව මතු කරගැනීමට අපහසු වූ නිසා ගෙල ප්‍රදේශයට විෂ වූ එන්නත ලබාදී ඇති අතර මද වෙලාවකින් කැස්සක් සමග විලාප දී ඇය මරණයට පත්වී ඇත.
මොහු සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට සුදුසුකම් ලබා ඇතත් ප්ලාස්ටික් සැත්කම් සඳහා පිළිගත් කිසිදු සහතිකයක් ඔහු සතු නොවන බව සඳහන් වේ. එමෙන්ම සැත්කම් සඳහා ඔහු ශල්‍ය වෛද්‍ය වෘතිය සුදුසුකම් සපුරා නැති බවද වාර්තා වේ.