05 Aug 2015
ලාංකික කාන්තාවක් සෞදි වෙබ් අඩවියක අලෙවියට දාලා
සෞදි සේවා යෝජකයෙකු විසින් සිය නිවසේ සේවය කරන ලාංකික ගෘහ සේවිකාවක් අලෙවි කිරීම සඳහා එරට තුල ක්‍රියාත්මක වන වෙන්දේසි වෙබ් අඩවියක දැන්වීමක් පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් පසු තම මව් රට බලා යාමට පෙර තව වසරක කාලයක් සේවයෙහි යෙදීමට ඇයට අවශ්‍ය බව පැවසු නිසා සුදුසු හාම්පුතෙකු සොයා තමුන් මෙලෙස දැන්වීමක් පල කල බව එම පුද්ගලයා සෞදි මාධ්‍ය වෙත පවසා ඇත.
ඔහු විසින් පල කර ඇති වෙළඳ දැන්වීමේ සිය සේවිකාව බොහෝ දක්ෂ බවත්, දරුවන් සමග මිත්‍රශීලී ලෙස කටයුතු කිරීමට හැකි බවත්, අයගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තමුන්ට සිදුවී ඇති නමුත් ඔහුට සෞදි රියාල් 25,000 ලබා දෙන්නෙකුට ඇයව ලබා දෙන බව මෙම වෙළෙද දැන්වීමේ පලකර තිබේ.
එම දැන්වීම පහතින්…