ලොවම හැඬ වූ සිරියානු දරුවා Aylan Kurdi

null

තුර්කියේ වෙරළ බඩ සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල ලෝකයේම කතාබහට ලක්වී තිබේ.

සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා පළා යමින් සිටි අයිලන් කුර්දි (aylan kurdi) නම් මේ තුන් හැවිරිදි දරුවා ඇතුළු පවුලේ සාමාජිකයන් අනාරක්ෂිත බෝට්ටුවක නැගී යුරෝපයට ළඟාවීමට උත්සාහ කළ ද අවාසනාවන්ත ලෙස එම යාත්‍රාව පසුගිය බදාදා මුහුදේ ගිලූණේ ඔහුගේ මව, සොහොයුරා ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්. අනතුරේදී දිවි ගලවා ගත්තේ අයිලාන්ගේ පියා වන අබ්දුල්ලා පමණයි.

දේශපාලන රැකවරණය පතා කැනඩාවට යාම වෙනුවෙන් ඥාතියෙකු විසින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙසේ අනාරක්ෂිත මුහුදු මාර්ගයෙන් ග්‍රීසියට ළඟාවීමට ඔවුන් උත්සාහ කර ඇත.

තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ අයිලාන්ගේ අප්‍රාණික සිරුරේ ඡායාරූපය සමාජ ජාල වල පැතිර ගියේ විදුලි වේගයෙන්. මෙම කුඩා දරුවාගේ මළ සිරුර වෙරළේ වැතිර තිබෙන ආකාරය තුර්කි පුවත් සේවාව විසින් ලොව පුරා බෙදා හැර ඇත්තේ ‘වෙරළට සේදී ආ මිනිසත් බව’ යනුවෙන් වන අතර එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කරන කැරලිකරුවන් ගේ ප්‍රහාර වලින් බේරී පලා එන සරණාගතයින් හට යුරෝපා රටවල් සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති බව ද BBC පුවත් සේවය පවසයි.

අයිලාන්ගේ පවුලේ සාමාජිකයන්ට රැකවරණ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා කැනඩාව, ඇතැම් රටවල උදහසට ද ලක්ව තිබේ.

මේ අතර, තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ අයිලාන් කුර්දිගේ දේහය ඔහු උපන් සිරියාවේ කොබානි ප්‍රදේශයේදී ඊයේ මිහිදන් කර තිබේ.

null
null
null

හමුවූ ළමයාගේ කුඩා කළ ඡායාරූප

null
null
null

දරුවාගේ අවසන් කටයුතු ඔහුගේ පියා විසින් සිදුකළ අයුරු

null
null
null
null
null

සමාජ ජාල වල හුවමාරු වෙන නිර්මාණයන්

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>