ලොව පළමු ‍දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඇරඹෙයි

null

ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් හිදී ආරම්භ වෙයි. ඒ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

වසර 138 ක ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් පළමුවරට මෙම තරඟය පැවැත්වෙන අතර එය නවසීලන්ත වේලාවෙන් පස්වරු 04.30 හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 09 ට පමණ ආරම්භ විය.

මෙම තරඟයට රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුවක් මේ සඳහා යොදා ගැනේ. රෝස පැහැයෙන් යුත් පන්දුවක් යොදා ගන්නා බැවින් එය ‘පින්ක් බෝල් ටෙස්ට්’ තරගය ලෙසින් හැඳින්වෙයි.

2009 වසරේ දිවා රාත්‍රී ටෙස්ට් තරග පිළිබඳව පළමු යෝජනාව ඉදිරිපත් වූ අතර එය වසර 6ක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවිය. නරඹන්නන් වැඩි පිරිසක් තරඟයට සහභාගි කර ගැනීමේ අදහසින් රාත්‍රී තරඟ පැවැත්විමේ සංකල්පය හඳුන්වා දී ඇත.

පන්දුවේ පැහැය වෙනස්‌වීමත් සමග විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය සඳහා සුදු ඇඳුම වෙනුවට වර්ණ ඇඳුමක්‌ නිර්දේශ කිරීමට කලින් යෝජනා වී තිබුණද එය ටෙස්‌ට්‌ ක්‍රීඩාවේ ගුණාත්මක භාවයට ප්‍රශ්නයක්‌ වන බවට මතභේද පැවතුණි.

මෙම දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය සඳහා 40,000 ක ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ ඊයේ (26)දහවල් වන විටත් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන තිබූ අතර එය ඔස්‌ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැති අවසන් ටෙස්‌ට්‌ තරගය නැරඹීමට පැමිණි සංඛ්‍යාවට වඩා දෙගුණයක වැඩිවීමක් ලෙසයි දැක්වෙයි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>