ලොව ප්‍රසිද්ධ Anonymous Hacker කණ්ඩායමේ අලුත්ම මෙහෙයුම
කළු ජාතිකයන්ට එරෙහිව ඇමරිකාවේ ක්‍රියාත්මක වන Ku Klux Klan (KKK) නමැති සංවිධානයේ රහසිගත ක්‍රියාකාරීන් සියලුදෙනා කවුරුන්දැයි හෙළි කිරීමට Anonymous Hacker කණ්ඩායම සැරසෙයි.
Ku Klux Klan – Wikipedia Page
ඔවුන් මෙම මෙහෙයුම නම් කර ඇත්තේ #opkkk යන නමිනි. ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ “ඔවුන් සාමකාමී විරෝධතාකරුවන් ඝාතනය කරන බවට තර්ජනය කරනවා. අපි සදහටම KKK සංවිධානය අඩපණ කරනවා. අපි මේ විසින් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන්නේ එයයි. අපිට ජාතිය සමානාත්මතාවය අවශ්‍යයි.” යනුවෙනි.
මෙම Anonymous Hacker කණ්ඩායම මේ පිළිබඳව වීඩියෝවක් ද අන්තර්ජාලයට නිකුත් කර තිබේ. එය පහතින් නරඹන්න…
ඔවුන් සඳහන් කරන ආකාරයට (KKK) සංවිධානයේ සාමාජිකයන් 1000කගේ පමණ තොරතුරු ඔවුන් අද (06) දිනයේ හෙළි කිරීමට සැරසෙයි. ඒ Pastebin.com නමැති වෙබ් අඩවිය හරහා යි.
“එයට ඔවුන්ගේ දුරකථන අංකය, ඊ-තැපැල් පමණක් අඩංගු නොවේ. සමහර පුද්ගලයන්ගේ ගෙවීම් තොරතුරු, පවුලේ විස්තර, රැකියා, ලිපින යන සියළු තොරතුරු ද අඩංගුයි.”
මෙයින් බියට පත් (KKK) සංවිධානයේ සාමාජිකයන් එයින් ඉවත් වීමට පවා පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි. ඒ පිළිබඳව ඔවුන් මෙසේ අදහස් දක්වා තිබේ…
පසුගිය දින කිහිපය තුල මේ පිළිබඳව විශාල වශයෙන් Twitter වෙබ් අඩවියේ ද කතාබහට ලක්වීමට මාතෘකාවක් වුණ අයුරු මෙමගින් ඔබට නැරඹිය හැක.
මේ වන විට සමහර පිරිස් මෙම පුවත ප්‍රයෝජනයට ගෙන මේ සඳහා දේශපාලන නායකයන්ගේ නම් ගම ව්‍යාජ ලෙස යොදාගෙන මඩගැසීම් සඳහා ද භාවිත කරන අයුරු දක්නට ලැබුනත්, ඔවුන්ගේ මෙම මෙහෙයුම සඳහා මෙම නිල twitter ගිණුමෙන් pastebin.com වෙබ් අඩවිය හරහා මෙම හෙළි කිරීම සිදු කිරීම නියමිත බව සඳහන්.
Anonymous කණ්ඩායමක් ඊයේ ලන්ඩන් නගරයේ Million Mask March නමින් පෙළපාලියක් ද සිදුකර තිබේ. එහි වීඩියෝව පහතින්…