ලොව වයස්ගතම හෝටල් සේවකයාවූ ගෝල්ෆේස් දොරටුපාල මියයයි

null

ගාලූ මුවෙදාර හෝටලයේ දොරටුපාල වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ කොට්ටරපට්ටු චට්ටු හෙවත් ‘කුට්ටන්’ මහතා ඊයේ අභාවප‍්‍රාප්ත වී තිබේ. මියයන විට අවුරුදු 94ක් වු කුට්ටන් මහතා ලොව වයස්ගතම සේවකයන් අතර සිටින්නෙකුද වේ.

වර්ෂ 1942දී ගෝල් ෆේස් හෝටලයේ සේවයට පැමිණි කුට්ටන් මහතා අවුරුදු 72ක් පමණ දොරටුපාල සේවයේ නිරත විය.

1920 දී ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ උපත ලැබූ ඔහු 1938 දී නිවසක සේවය කිරීම සඳහා ලංකාවට පැමිණ ඇත. 1942 වසරේ දී හෙතෙම අත් උදව්කරුවෙකු වශයෙන් ගාලූ මුවෙදාර හෝටලයේ සේවයට සම්බන්ධ වී තිබේ. අනතුරුව භෝජනාගාර සේවකයෙකු ලෙසින් කටයතු කළ ඔහු පසුකාලීනව දොරටුපාල වශයෙන් පත් විය.

එක් ආයතනයක වැඩිම සේවා කාලයක් හිමි සේවකයකු මෙන්ම ලෙව වඩාත්ම ජනප්‍රිය හෝටල් සේවකයකු ලෙසින්ද කුට්ටන් මහතා ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

ඔහුගේ අවසාන බලාපොරොත්තුව වී ඇත්තේ ගාලු මුවදොර හෝටලයේ 150 වැනි සංවත්සරයට සහභාගි වීමය. නමුත් එය සැබෑ කරගැනීමට පෙර ඔහු ජිවිතක්ෂයට පත්විය.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>