ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ

null

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් ඊයේ (30) සවස නිරාවරණය විය.

කුරුණෑගල රිදීගම ඓතිහාසික රම්බඩගල්ල මොණරාගල විහාරස්ථානයේ පිහිටි ස්වභාවික පර්වතයක මූර්තිමත් කළ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ උසින් අඩි 67.5 ක්.

2002 වසරේ සිට ආරම්භ කෙරුණු මෙම නිර්මාණ කටයුත්ත සිදුකර තිබෙන්නේ ඉන්දියාවේ මුත්තයියා ස්ථපති ශිල්පියා අතින වන අතර මෙම නිර්මාණ කටයුතු සදහා රුපියල් ලක්‍ෂ 10 කට අධික මුදලක් වැයකර තිබේ.

පොළොන්නරුව ගල් විහාර පිළිම නිර්මාණයෙන් වසර 875 කට පසු මෙරට නිම කළ එකම ශෛලමය ප්‍රතිමාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>