30 Apr 2015
ලොව විශාලතම ශෛලමය බුදු රුව නිරාවරණය අද කුරුණෑගලදී
ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව අද (30) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන පූජෝපහාර පිණිස නිරාවරණය කෙරේ.
කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යා සාගර පිරිවෙන් මහා විහාරයේ ගල් පර්වතයක නෙළන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉන්දීය ගල් වඩුවන් විසින් වසර ගණනාවක් තිස්සේ කළ නිර්මාණයක් බව, විහාරාධිපති, අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි නාහිමියෝ පැවසූහ.
2002-09-13 දින නියම ලෙසින්ම ගල් පර්වතයේ කටයුතුවලට අතගැසීමෙන් මේ උදාරතර පුණ්‍යක්‍රියාව ආරම්භ කර තිබේ. රම්බඩගල්ල පිළිම වහන්සේ ලෙස හඳුන්වන මෙහි උස අඩි 67.5 කි.
ඉන්දියානු ශිල්පි පද්ම ශ්‍රී සම්මානලාභී ඇම්.ඇම්.ස්තපතිතුමන් විසින් මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබේ.