ලොව විශාලම නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

null

ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවී තිබෙන බවට පසුගිය කාලය පුරා තොරතුරු වාර්තා විය. එහි බර කැරට් 1404 යි දශම 4 යිි 9 ක් එනම් ග්‍රෑම් 281 ක් වන බව සඳහන්.

මේ විශාල නිල් මැණීකට ‘ආදම් ගේ තාරකාව’ යනුවෙන් නම් තබා තිඛෙනු අතර එම මැණීක මිලට ගත් පුද්ගලයා පවසා තිඛෙන්නේ තමන් එය වෙන්දේසි කරනවාද නැතිනම් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසින් තබනවාද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බවයි.

තමන්ගේ ආරක්ෂාව ගැන සිතා එම මැණීකේ අයිතිකාරයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කිරීමට හෝ ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට ඔහු කැමති නැති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම නිල් මැණික එහි හිමිකරු විසින් පසුගිය සැප්තැම්බරයේ මිලදී ගෙන ඇති අතර එහිදී ගෙවා ඇති මුදල ද හෙළිදරව් කර නොමැත.

කෙසේ වෙතත් ඔහු මෙම නිල් මැණික සඳහා ඩොලර් මිලියන 300ක මිලක් ඉදිරිපත් කර තිබේ. එය ශ්‍රී ලංකාවේ විනිමයෙන් රුපියල් කෝටි 4200කට වැඩි මිලක්.

මේ ආකාරයේ ලොව ප්‍රකට මැණික් ගල්වලට හිමි වූ මිල සැසදීමෙන් තමා ඒ සඳහා ඩොලර් මිලියන 300ක ආරම්භක මිලක් ඉදිරිපත් කළ බව නිල් මැණිකේ හිමිකරු ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත්, එය ලෝකප්‍රකට ධන කුවේරයන්ට හෝ කෞතුකාගාර ආදියට මිස සාමාන්‍ය ගැනුම්කරුවෙකුට ලබාගත හැකි මිලක් නොවන බව ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් සදහන් කර තිබේ.

ලොව විශාලතම නිල් මැණික ලෙස මෙතෙක් පැවතුණේ ශ්‍රී ලංකාවෙන් සොයා ගත් කැරට් 1395 ක් බරැති නිල් මැණිකක්.

බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය මෙන්ම, කේට් මිඞ්ල්ටන්ගේ මංගල මුදු සදහා යොදා ගැණුනේ ද ශ්‍රී ලංකාවෙන් සොයා ගත් නිල් මැණික්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>