ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගත් මෙහෙයුම

null

හෝර්ටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට වැටුණු විදේශිකයෙකු දැවැන්ත මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අද උදෑසන සමත් වී තිබේ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ 35 හැවිරිදි මමිතෝ ලෙන්ඩස් නම් ඕලන්ත ජාතිකයෙකු වේ. ඔහු තම බිරිඳ සමග ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ඇත්තේ විවාහ වී දින 6 කට පසු ය.

ඔවුන් අද උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර එහිදී ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එකවරම ඔහු ඉන් පහළට ඇද වැටී ඇති බව සඳහන්. කෙටි දුරටත් පහළට ඇදවැටෙන විට ඔහු ගසක අත්තක එල්ලී තිබේ.

තොරතුර ලැබුණු සැනින් වහා ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙම ඕලන්ද ජාතිකයා මුදා ගැනීම සඳහා එම ස්ථානයට පිටත් කර යවා තිබේ. එහිදී එම නෙදර්ලන්ත ජාතිකයා එල්ලී සිටි ස්ථානයට කඹයක ආධාරයෙන් බැස ඔහු නිරුපද්‍රිතව ලෝකාන්තය දක්වා නැවත ගෙන එනු ලැබුවේ නුවරඑළිය 3 වැනි සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් සුදේස් ලලින්දයි. එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් අමිත පෙරේරා මහතාගේ අණදීම යටතේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතරතුර පැය 3ක පමණ කාලයක් ඔහු එම ගසේ එල්ලී සිට ඇති බව පොලිසිය පවසයි.

දිවි බේරා ගත් නෙදර්ලන්ත ජාතිකයා සුළු සීරිම් තුවාල සහිතව සිටි බැවින් නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු අද පස්වරුවේ එම රෝහලේ පිටව ගොස් තිබේ.

null
null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>