ලෝක කුසලානයෙන් පසු සමුගන්නවා – සංගා

null

2015 ලෝක කුසලානයෙන් පසු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, එංගලන්තය අද සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම ස්ථීර බවත්, ටෙස්ට් තරගවලින් සමුගන්නවාද නැද්ද යන්න තවම තීරණය කර නොමැති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. තමන්ගේ සේවය තවදුරටත් අවශ්‍යදැයි තේරීම් කමිටුවත් එක්ක සාකච්චා කර ඒ පිලිබඳ තීරණයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ඒ අනුව අද දිනයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ තරඟය කුමාර් සංගක්කාර එම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කල අවසන් තරඟය වේ. එහිදී ඔහු ලකුණු 112ක් ලබාගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය.

වර්ෂ 2000දී පකිස්ථානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීම කුමාර් සංගක්කාර සමත් විය. මේ වනවිට එක්දින ක්‍රිකට් තරග 389ක් තුළ ඉනිම 366ක් ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර ලබාගෙන ඇති ලකුණු ගණන 13339කි. ඊට අර්ධ ශතක 91ක් සහ ශතක 20ක් ඇතුලත්ය. ඉනිමකදී ඔහු ලබාගෙන ඇති වැඩිම ලකුණු ගණන 169කි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>