ලෝක කුසලානයේ ආරම්භ පිතිකරුවන් මෙන්න

null

මේ මස 14 වනදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ආරම්භක පිතිකරුවන් ලෙස ටී.එම්. ඩිල්ෂාන් හා ලහිරු තිරිමාන්න නම කර තිබේ.

ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම, ලබන සෙනසුරාදා යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන බව කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා සිරස නිව්ස් වෙත ප්‍රකාශ කර තිබේ.

පුද්ගලික හේතුවක් මත පසුගියදා දිවයිනට පැමිණ සිටි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් යළිත් නවසීලන්තයට පැමිණි බවද, ශල්‍යකර්මයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ සිටින බවද සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මානසිකත්වය ඉහළ නැංවීම සදහා මනෝ වෛද්‍යවරයෙකු වන ජෙරමි ස්නේප් සහය ලබාගැනීමට තීරණය කළ බව ය. ඔහු ලබන 24 වන දා සිට දින 14 ක කාලයක් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහයට එක්වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සඳුදා දකුණු අප්‍රිකාවට එරෙහිව සිය පළමු පුහුණු තරගයට සහභාගී වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>