ලෝක කුසලානය කාටද? තීරණය අදයි

null

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙයි.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙවර ලෝක කුසලානය දිනා ගැනීම සඳහා සත්කාරක ඔස්ට්‍රේලියාව සහ සහ නවසීලන්තය තරග වැදීම විශේෂත්වයක් වෙයි.

මේවන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිව් වතාවක් ලෝක කුසලානය දිනා ඇති අතර අවස්ථා 7කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි. නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබුවේ පළමු වරටය.

මේ අතර අවසන් මහා තරගයේ විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන ද තරග තීරක වශයෙන් රංජන් මඩුගල්ල ද කටයුතු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>