ලෝක කුසලාන විකාශය ජාතික රූපවාහිනියට

null

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙම මස 14 වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් එය විකාශනය කිරීමට ජාතික රූපවාහිනියට අනුමැතිය ලබාදී තිබේ.

පසුගිය කාලයේ එහි විකාශන අයිතිය ලබාගෙන තිබුනේ csn නාලිකාව විසිනි, කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පැනනැගුනු ගැටළු හේතුවෙන් ලෝක කුසලාන විකාශය ජාතික රූපවාහිනියට ලබාදී තිබේ.

මේ අතර ලෝක කුසලානය ජයග‍්‍රහණය කළහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දිරිදීමනාවක් ලෙස රුපියල් මිලියන 130 ක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>