ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

null

2015 ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් 30 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් නම් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අනතුරුව 15 දෙනෙකුගෙන් යුත් අවසන් කණ්ඩායම මෙම සංචිතයෙන් තෝරා ගනු ලැබේ.

ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරන රටවල් ජනවාරි 07 වනදාට පෙර සිය සංචිත නම් කළ යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති අතර සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් පහතින්.

1 ඇන්ජලෝ මැතිව්ස් (නායක)
2 ටී. එම් දිල්ෂාන්
3 ලහිරි තිරිමාන්න
4 කුමාර් සංගක්කාර
5 මහේල ජයවර්ධන
6 කුසල් ජනිත්
7 උපුල් තරංග
8 දිමුත් කරුණාරත්න
9 දිනේෂ් චන්දිමාල්
10 අෂාන් ප්‍රියංජන්
11කිත්රුවන් විතානගේ
12 නිරෝෂන් දික්වැල්ල
13 රංගන හේරත්
14 දිල්රුවන් පෙරේරා
15 සීකුගේ ප්‍රසන්න
16 අජන්ත මෙන්ඩිස්
17සචිත්‍ර සේනානායක
18 පී.එච්.ඩී කෞෂාල්
19 ජීවන් මෙන්ඩිස්
20 රමිත් රඹුක්වැල්ල
21 සුරංග ලක්මාල්
22 නුවන් කුලසේකර
23 ලසිත් මාලිංග
24 ධම්මික ප්‍රසාද්
25 ශමින්ද එරංග
26 තිසර පෙරේරා
27 එෆ් මහරුෆ්
28 නුවන් ප්‍රදීප්
29 ලහිරු ගමගේ
30 ලක්ෂාන් සඳකැන්

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් මතභේදයකට ලක්ව සිටි සචිත‍්‍ර සේනානායක මෙන්ම මෙම සංචිතයට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නමද ඇතුළත් කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>