ලෝක රූ රැජිණ දිවයිනට පැමිණේ

null

2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පලන් දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහාය. එම ව්‍යාපෘතිය ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, රොටරි ශ්‍රී ලංකා සහ හැටන් නැෂනල් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වයි. ශ්‍රී ලංකාව තුළ ගස් මිලියන එකක් රෝපණය කිරීම, ගස් ආරක්ෂා කිරීමට ජනතාව පෙළඹවීම සඳහා මිනිසුන් හා ගස් අතර භාවාත්මක සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

මෙම අවස්ථාවට සහභාගී වූ 2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පලන් දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය මෙම සංකල්පය ලෝකයටම ගෙන යාමට උත්සහ කරන බවත් මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් පවසා සිටියාය.

එමෙන්ම මෙහිදී රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය ගේ සහභාගීත්වයෙන් “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ද (http://www.rotarytree.com) අන්තර්ජාලයට මුදාහැරුණු අතර මිලියන එකක ගස් සිටුවීම සමාරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍යංශ භූමියේ අඹ පැළයක් සිටුවීම ද ඔවුන් අතින් සිදු කෙරිණි.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>