ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් සංගා මිලදිගනී
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලෝක පුජිත ක්‍රීඩාංගනය වන ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් මිලදී ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ක්‍රිකට් ක්‍රීඩයේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකිණීමේදී සංගක්කාර මෙය මිලදී ගෙන තිබෙන අතර මෙයට හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සහභාගී වී තිබෙනවා.
එම ක්‍රීඩාංගනයේ කොටස් ක්‍රීඩකයින්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ටද මිලදී ගත හැකි අතර අඩුම මිල ලෙස දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 500 කි.
කුමාර් සංගක්කාර මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ මෙලෙසින්…
“ලෝඩ්ස් ක්‍රීඩාංගණය විශේෂිත ක්‍රීඩාංගණයක් ලොව වටා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට, දැන් ඔවුන්ටත් අවස්ථාවක් ලැබී තිබෙනවා එහි කොටසක හෝ අයිතිය ලබා ගැනීමට.මාගේ ක්‍රීඩා දිවියේ විශේෂ ස්ථානයක් විදියට ලෝඩ්ස් ක්‍රීඩාංගණය සඳහන් කළ හැකියි. මා ඉතා ගෞරවයක් කියා සිතනවා මේ ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩා ලෝලීන්ව පිනවීමට හැකි වීම ගැන. මෙම ක්‍රීඩාංගණයේ කොටසකට අයිතිය මටත් ලැබීම භාග්‍යයක් විදියට මම සිතනවා.”