13 Dec 2014
වංචාවෙන්, දූෂණයෙන් ලොව ඉහළම තැන ලංකාවට
වත්මන් ආණ්ඩුව පිහිටුවා ඇති ලෝක වාර්තාවක් පිළිබඳව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනාවරණයක් සිදු කර තිබේ.
හිරු නිව්ස් සඳහන් කරන පරිදි වංචාවෙන්, දූෂණයෙන් ලොව ඉහළම තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත්, උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී පෙර තිබූ ඇස්තමේන්තු වෙනස් කර අවශ්‍ය වාසි ලබා ගත් බවත් ඔහු සදහන් කර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (12) මහවැව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
මේ රටේ මුළු මහත් ජාතික ධනය රාජ්‍ය සම්පත් රාජ්‍ය දේපල තනි පවුලකට මේ විදියට ඒ සියල්ලෙන් නඩත්තු වෙන්න ඉඩ දිය හැකිද යන්නත් ඔහු විමසා සිටියේය.