වටගොඩදී දුම්රිය 2ක් එකට ගැටෙයි

null

බදුල්ල-මහනුවර දුම්රිය මාර්ගයේ වටගොඩ ප්‍රදේශයේදී භාණ්ඩ දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්වී තිබේ. ඊයේ පස්වරු 6ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

එක් දුම්රියක් බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වී ඇති අතර අනෙක් දුම්රිය මහනුවර සිට නානුඔය දක්වා ධාවනය වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ඊයේ බාධා එල්ල වූ අතර දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මේ වන විට එම බාධා ඉවත් කර ඇති බවයි. දුම්රිය අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය දෙකේම නියාමකවරු ඉන් පැන දිවි බේරාගෙන තිබේ.

කෙසේ වෙතත්, මෙම අනතුර පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ නාවලපිටියේ සිට හපුතලේ දක්වා ධාවනය වූ දුම්රියේ නියාමක සදහන්කළේ වටගොඩ දුම්රිය ස්ථානය ලබාදුන් වැරදි සංඥාවක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි.

null
null
null
null
null

Pics – නෙත් නිව්ස් 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>