20 Jan 2016
වට්ස්ඇප් දැන් නොමිලේ
පසුගිය වසර කිහිපය පුරාවට වට්ස්ඇප් භාවිතා කිරීම සඳහා වසරකට වරක් ගෙවීමට සිදුවූ ඇමෙරිකානු ඩොලර් සත 99ක මුදල අයකිරීම නවත්වා ඇති බව වාර්තා වේ. ඒ අනුව දැන් ඔබට එය නොමිලේම භාවිත කිරීමට අවස්ථාව හිමිව තිබේ.
එළෙස මුදල් අය කිරීම නැවැත්වුවද එම මෘදුකාංගයට දැන්වීම් ඇතුල් නොකරන බවද එම සමාගම පවසා තිබේ.
ෆේස්බුක් සමාගමට අයත් වට්ස්ඇප් භාවිතා කරන්නන් ගණන මේ වනවිට බිලියනයක් වේ.
ක්‍රෙඩිට් පත් භාවිතා නොකරන පිරිසටද ඉදිරියේදී කරදරයකින් තොරව වට්ස්ඇප් භාවිතා කළ හැකි වන නිසා එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බව එම සමාගම විශ්වාස කරයි.