වත්මන් රජය දිගින් දිගටම පළිගන්නවා

null

වත්මන් රජය විසින් දිගින් දිගටම පළිගැනීම් සිදුකරන බව හිටපු ජනාධිපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මොහාන් පානබොක්කේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ඊයේ (21) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ජපන් යුද අපරාධ පරිචෝදක මොටෝ නොගුචි මහතා ඊයේ පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.

මොටෝ නොගුචි මහතා, ඉකුත් රජය සමයේ අතුරුදන්වූන්ගේ කොමිසමට උපදෙස් ලබාදීමට ආරාධනා ලැබූ අයෙක්. එම ආරාධනයට ද නොගුචි මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>