වතුර ප්‍රශ්නයක් නිසා ගොවීන් දෙදෙනෙකු ඝාතනය කරලා

null

පොළොන්නරුව – මැදිරිගිරිය – ගොඩපොත්ත ප්‍රදේශයෙ කුඹුරුවලට ජලය ලබාගැනීමට යාමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රීයේ මෙම ඝතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත.

මියගොස් ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි හා 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කුඹුරු සඳහා ජලය ලබාගැනිමට ගොස් තිබෙන අතර එම අවස්ථාවේදී වෙනත් කුඹුරකට ජලය හැරවීමට පැමිණි තවත් ගොවියෙකු අතර ආරවුලක් සිදුවී ඇත. එම අවස්ථාවේදි අදාළ ගොවියා තියුණු ආයුධයකින් අනෙක් දෙදෙනාට පහරදී ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සමබන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 62හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට යොදාගත් ආයුධයද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේ සිදුකිරීමට නියමිත අතර මැදිරිගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>