වඳුරඹ ස්ථානාධිපතිවරයා යළි පොලිස් සේවයට

null

දේශපාලන බලපෑම් නිසා සේවයෙන් ඉවත් වූ වඳුරඹ පොලිසියේ හිටපු ස්ථානාධිපති පී.එල්.කීර්තිසිංහ යළි අද සිට වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර ඇත්තේ අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරිම සිදුකර ඇති බවයි.

ජනාධිපතිවරණ සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් 3 දෙනෙකු බලහත්කාරයෙන් මුදාගෙන යාම සම්බන්ධයෙන් මතුවූ අර්බුදයත් සමඟ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 22 වන දා සේවයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව වඳුරඹ නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පොලිස් නිලධාරියෙකුට අද කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න බැරි තත්ත්වයක් උදාවී ඇති නිසා නිල ඇඳුම ගලවා තමන් අද ගෙදර ආ බවයි.

කෙසේ වෙතත් නව රජය පත්වීමත් සමග ඔහු නැවත සේවයට බඳවා ගන්න ලෙස ඉල්ලා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, පී.එල්.කීර්තිසිංහ යළි වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>