වම් අත නොමැති මළ සිරුරක් දියවන්නාවේ

null

වම් අත නොමැති මිනිස් මළ සිරුරක් පාර්ලිමේන්තුව පිටුපස දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පාර්ලිමේන්තු පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් අනුව අදාළ මළසිරුර සොයාගත් බව පොලිසිය පවසයි.

මියගොස් සිටින තැනැත්තා කවරෙක්දැයි තවමත් හඳුනාගෙන නොමැති අතර එම පුද්ගලයා පිරිමි ද ගැහැණු ද යන්න හඳුනා ගත නොහැකි බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

මීට පෙර දෙමටගොඩ ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් පාද දෙකක්ද, වැලිකඩ, නාවල ඇළේ තිබී මිනිස් අතක්ද සහ ඊයේ දෙමටගොඩින් පිළිස්සුනු මිනිස් කඳක් ද සොයාගනු ලැබුවේය.

මේවා එකම අපරාධයකට සම්බන්ධ ද යන්න ගැන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>