22 Mar 2015
වයිෆයි කලාප 1000 ඉදිරි දින 60 ඇතුළත
දින සියයේ වැඩපිළිවෙල යටතේ ලබාදීමට නියමිත නොමිලේ අන්තර්ජාල පහසුකම සඳහා වයිෆයි කලාප 1000 ඉදිරි දින 60 ඇතුළත ලබාදීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය සුදානම් වේ.
ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ වල වයිෆයි කලාප 1000කට අධික සංඛ්‍යාවක් පිහිටුවීමට නියමිතය. එහි මූලික පියවර යටතේ ඉදිරි සතිය ඇතුළත වයිෆයි කලාප 250 ක් පිහිටුවන බව විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා කියයි.
පළමු වයිෆයි කලාප 250 මාර්තු මාසය අවසාන වීමට මත්තෙන් විවෘත කිරීමටත්, පළමු වටයේ ඉතිරි 750 ඉදිරි දින 60 – 90 අතර කාලයේදී ලබාදීමටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ අපේක්ෂාවයි.