වරෙන්තු ලැබ සිටි මුතුහෙට්ටිගම රට පනියි

null

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද අළුයම හොර රහසේ කටුනායක ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

අළුයම 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පෙරේදා පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ. ඒ වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, උඩප්පුවේ කඩ දෙකකට හානි කිරීම හා අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා යටතේය.

අදාළ නඩුව යළි දෙසැම්බර් මස 29 දින කැඳවන බවත්, එදිනට නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බවටත් පොලිස්පතිවරයා මගින් මෙම දැනුවත් කිරීම කර තිබුණි.

කෙසේ වෙතත් හිතවතුන් දෙදෙනෙකු සමග තමන් දෙදින නිවාඩුවක් සඳහා සිංගප්පූරුවට ගිය බවත්, මැතිවරණය තෙක් රැඳී නොසිටින බවත්, අධිකරණ නියෝගයට ගරු කරන බවත්, මුතුහෙට්ටිගම මහතා පැවසු බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>