වසර අවසානයේදී ඔබාමා දිවයිනට

null

වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තරය තරහා කරගෙන ගමනක් යන බවට විපක්ෂය චෝදනා කළත් මේ වසර අවසානයේදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

අගමැතිවරයාට විශ්වාසභංගයක් ගෙන ඒම හා වත්මන් රජයේ ක්‍රියාකලාපය තුළ ජාත්‍යන්තර සබඳතා බිඳ වැටී ඇතිදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය පවා ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝසුවා සෙන් පවසන්නේ අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ සැලසුම් කළ සංචාරයක් පිළිබඳව නිවේදනයක් නොමැති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>