වසර 15කට පෙර නැතිවූ දරුවා ෆේස්බුක් ඡායාරූපයකින් සොයාගත් මවක්

null

අවුරුදු 15කට පෙර තම ස්වාමි පුරුෂයා විසින් පැහැර ගනු ලැබූ තම දෙවන පුතුණුවන් Facebook පිටුවේ පළ කළ කුඩා කළ ඡායාරූපයක් හේතුවෙන් ඔහුව සොයා ගැනීමට මවකට හැකි වී තිබේ.

දරුවාට වයස අවුරුදු 3දී ඇගේ සැමියා ඔහුව මවගෙන් වෙන්කර මෙක්සිකෝව වෙත පලාගොස් තිබෙන්නේ 2000 වර්ෂයේදී ය. එතැන් පටන් වසර ගණනක් එම මව දරුවා සෙවීමට වෙහෙස වී ඇති අතර වරෙක ඇයට සියදිවි නසාගැනීමට පවා සිතුන බව පවසයි.

මේ වන විට 18 හැවිරිදි වියේ පසුවන අදාල දරුවා ද තම මව හා සොහොයුරා සොයා ගැනීමට උත්සහ කර ඇති අතර මව තමා කෙසේහෝ හඳුනගනිවී යයි අරමුණින් තමන්ගේ කුඩා කළ ගත් ඡායාරූපයක් ඔහු Facebook හරහා පළ කර හුවමාරු කරගෙන තිබේ.

තම පුතුණුවන් දෙදෙනාගේ ඡායාරූපය දැක මව විමතියට පත් වී ඇති අතර Facebook පණිවිඩ හරහා තම පුතුණුවන්ව සම්බන්ධ කරගත් මව ඔහු සමග දුරකතනය ඔස්සේ ද කතා බහ කර තිබේ. කිසිදිනෙක තම පුතුණුවන් දැකීමට ඉඩ ලැබේයැයි කිසිදිනෙක නොසිතූ බව ඇය විදෙස් මාධ්‍යවෙත පවසා තිබේ.

තම උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු අවුරුදු 18 ක් වූ එම තරුණයා තම මව දැකීමට පැමිණ තිබේ. වසර 15කට පෙර නැතිවූ දරුවා ඇයට හමුවන්නේ ඒ අයුරෙනි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>