වසර 20කට පසු අලුත් වූ ෂාරුක් – කාජල් පෙම

null

ඉන්දියාවේ පමණක් නොව ලොව පුර සුවහසක් හින්දි සිනමා ලෝලීන් අමන්දානන්දයට පත් කිරීමට සමත් වූ Dilwale Dulhania Le Jayenge චිත්‍රපටයේ 20 වන සංවත්සරය පසුගිය 19 වනදාට යෙදී තිබුණී.

අවරුදු 20ක් පුරා ඉන්දියාවේ සිනමාහල් 300කට අධික ප්‍රමාණයක තිරගත් වූ මෙම චිත්‍රපටය මේ වන විට IMDB දර්ශකයේ 8.3/10 තරම් වූ ඉහල අගයක් හිමි කරගැනීමට සමත්වී ඇත.

බොලිවුඩ් තිරයේ ප්‍රේමනීයම යුවළ ලෙස නම් දරා සිටින ෂාරුක් ඛාන් හා කාජල් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා විසින්.

ෂාරුක් – කාජල් යුවළගේ සිනමා ජිවිතයේ සංධිස්ථානයක් ලෙස මෙම චිත්‍රපටය නම් කළ හැක.

චිත්‍රපටයේ 20 වන සංවත්සරය වෙනුවෙන් ෂාරුක් හා කාජල් පෙනී සිටින වීඩියෝවක් සහ ඡායාරූප එකතුවක් මේ වන විට නිකුත් වී ඇත.

එම වීඩියෝව සිංහල උපසිරැසි සහිතව පහතින් නරඹන්න…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>