වසීම් අක්‍රම්ට වෙඩි ප්‍රහාරයක්

null

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙන වසීම් අක්‍රම් කරච්චි නුවර මාර්ගයක සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පකිස්ථානයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති වේග පන්දුයවන්නන් පුහුණු කිරීමේ පුහුණු සැසිවාරයකට සහභාගිවී ආපසු එමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

මෝටර් රථයට වෙඩි පහර එල්ලවී ඇති අතර එයින් ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.

වසීම් අක්‍රම් ගමන් ගත් මෝටර් රථය පිටුපසින් පැමිණි වාහනයක් තමන්ගේ මෝටර් රථය හැප්පූ බවත්, අනතුරුව තමන්ගේ මෝටර් රථයට එකවර වෙඩි තැබූ බවද වසීම් අක්‍රම් එරට මාධ්‍ය වෙත පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>