වහාබ් රියාස්ගේ බිහිසුණු පන්දු යැවීම
පසුගියදා ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේදී වහාබ් රියාස්ගේ බිහිසුණු පන්දු යැවීම ඕස්ට්‍රේලියානු පිළ අසරණ කරන ලදී.
කෙසේ වෙතත් මෙම තරඟයේ ජය ලබාගත්තේ ඕස්ට්‍රේලියානුවන් වන අතර පසුව එම කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් පවසා ඇත්තේ කලකට පසුව මුහුණදුන් විශිෂ්ඨ පන්දුවාරයක් ලෙස වහාබ් රියාස්ගේ පන්දුවාරය හැඳින්විය හැකි බවයි.
මෙම තරඟයේදී උණුසුම් තත්වයක් හටගත්තේ වහාබ් රියාස් පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ට්‍රක් ඔහු සමග වචන හුවමාරුවක් සිදුවූ අවස්ථාවේ පටන්ය.
පසුව ඕස්ට්‍රේලියානු පිළ පන්දුවට පහරදෙන වාරයේ පිටියට පිවිසි ෂේන් වොට්සන්ට පන්දු යැවූ වහාබ් රියාස් දැඩි පීඩනයක් එල්ල කල අතර එහිදී වචන හුවමාරුවක්ද සිදු විය.
ඒ අනුව පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස්ට සහ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන්ට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඒ ක්‍රිකට් ආචාර් ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන්.
වහාබ් රියාස්ට තරග මුදලින් සියයට 50ක් සහ ෂේන් වොට්සන්ට තරග මුදලින් සියයට 15ක දඩයක් නියම කර තිබේ.
එම අවස්ථාව පහතින්…