ව්‍යවස්ථා සංශෝධනය මාර්තු මුලදී

null

විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල අඩු කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාර්තු මස පළමු සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ දෙමටගොඩ නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමින්.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන අංශ 3 කින් සිදුවන බවත්, විධායක ජනාධිපති සතු ඇතැම් බලතල ඉවත් කිරිමද ඊට ඇතුළත් වන බවත් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් විධායක ජනාධිපති සතු බලතල බොහොමයක් ඉවත් කළද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයට පමණක් වලංගුවන ලෙස ඇතැම් බලතල එලෙසම ලබාදීමේ එකඟතාවක් ද පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>