ව්‍යාජ ඡායාරූප පෙන්වා සල්ලි ගැරූ කතුන් දැලේ

null

කුඩා ළමයෙකුගේ ඡායාරූපයක් විකෘති කර අනුරාධපුර, ඥාණක්කුලම ප්‍රදේශයේ ළමා නිවාසයකට ආධාර බව පවසමින් මුදල් එකතු කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් පොලිසිය විසින් අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ලැබෙන මුදල් තමන් බෙදා ගන්නා බවත්, දුප්පත්කම හේතුවෙන් මෙවැනි ජාවාරමක නිරතවු බවත් ය.

මොවුන් ප්‍රධාන නගර වලට ගොස් වෙළඳසැල් වලින් මුදල් එකතු කර ඇති බව පොලිසිය සිදුකළ මුලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා අද හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>