ව්‍යාජ ධාතු පෙන්වා ගුටි කයි

null

ව්‍යාජ ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කරමින් ජනතාව මුලා කර හම්බන්තොට මිරිජ්ජවිල ප‍්‍රදේශයේ සිදු කෙරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුගිය ඉල් පොහොය දිනයේදී ඍර්ධි බලයෙන් ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියමින් ජනතාව රවටා පඬුරු ලෙස මුදල් ලබාගෙන තිබේ.

අදාළ නිවැසියන් ගම්මානය පුරා ප‍්‍රචාරය කර තිබුණේ ඉකුත් ඉල් පොහොය දිනයේදී සිය ගෙමිදුලේ පිහිටුවා ඇති බුදු කුටියට සර්වඥ ධාතූන් වැඩම කළ බවයි. මෙම නිවසේ සිටි කාන්තාවක් පවසා තිබුනේ මිට අවුරුදු කිහිපයකට පෙර මියගිය තම පුත්‍රයා හීනෙන් පෙනුණු බවත් තමා දැන් හොද තැනක සිටින බවත් නිවසේ බුදු කුටිය පිරිසිදු කර තබන ලෙසත් ඔහු පැවසු බවය. ඒ අනුව ඇය පොහෝ දිනයේ බුදු කුටිය පිරිසිදු කර පුජා පවත්වා පසුව බලන විට ධාතුන් වහන්සේලා වැඩම සිටි බවට ප්‍රචාරය කර තිබේ.

පසුව ඇය ඒවා ප්‍රදේශයේ හමුදුරුනමකටද පෙන්වා ඇති අතර උන්වහන්සේ ඒවා ධාතුන් වහන්සේලා බවට තහවුරු කර ඇත.

අනුව ගම්වාසීන් මෙන්ම දුර බැහැර ප‍්‍රදේශවලින්ද බොහෝ දෙනෙකු පැමිණ ධාතූන් වහන්සේ බව කියූ ව්‍යාජ ද්‍රව්‍ය වන්දනා කර තිබෙනවා. ඔවුන් විසින් ලබාදුන් පුද පඬුරු නිවැසියන් විසින් වංචනිකව එකතු කර ගෙන ඇති බවයි පොලීසියට ලැබුණු පැමිණිලිවල දැක්වේ.

පසුව ප‍්‍රදේශයේ තරුණයන් පිරිසක් මේ පිලිබඳව සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ තෙතමනය නැති කිරීම සඳහා යොදා ගන්නා සිලිකා නමැති ද්‍රව්‍යයට කහ දියර ඉස ධාතූන් ලෙස පෙන්වා ඇති බවයි. ඒ පිළිබඳව හෙළි වීමෙන් අනතුරුව එම නිවසේ පදිංචිව සිටි පුද්ගලයින් ප‍්‍රදේශය අතහැර පලා යාමට උත්සාහ කිරීමේදී ගම්වාසීන් විසින් ඔවුන්ට පහරදී තිබේ. පහරදීමෙන් අදාළ නිවසේ සිටි එක් අයෙකු මේ වනවිට හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් යොදවා තිබෙන අතර දැනට එම ප‍්‍රදේශයේ තත්ත්වය සාමකාමී පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලීසිය විසින් සිදු කරනු ලබයි.

null
null
null
null
null

ඡයාරූප – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>