ව්‍යාජ වෙබ් අඩවි සහ ෆේස්බුක් ගිණුම් හඳුනාගැනේ

null

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව ක්‍රියාත්මක කල ව්‍යාජ වෙබ් අඩවි සහ ෆේස්බුක් ගිණුම් රාශියක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ව්‍යාජ තොරතුරු ප්‍රචාරය සහ දේශපාලනඥයින්ට අපහාස කිරීම එම වෙබ් අඩවිවල අරමුණ වී ඇතැයි එහි අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

පසුගිය සති තුන ඇතුළත ව්‍යාජ වෙබ් අඩවි 810ක් පමණද, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 4000කට අධික සංඛ්‍යාවක් ද මෙම ආයතනය විසින් හඳුනාගනු ලැබ තිබේ.

අදාළ වෙබ් අඩවි විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන බවත්, එක ම පුද්ගලයෙකු විසින් විවිධ ඊ – මේල් ඔස්සේ පරිගණකයක් භාවිත කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 200ක් 300ක් පමණ නිර්මාණය කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය සති කිහිපය තුළ මෙවැනි ෆේස්බුක් ගිණුම 4000කට අධික ප්‍රමාණයක ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ක්‍රියා කර තිබේ.

අතුල පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පැමිණිල්ලක් ලද හොත් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් අක්‍රිය කිරීමට ක්‍රියා කළ හැකි වුව ද අසත්‍ය තොරතුරු ලබා දෙමින් විවිධ රටවල සිට නිර්මාණය කර ඇති ව්‍යාජ වෙබ් අඩවි පාලනය කිරීම සඳහා සිය ආයතනයට ඇති ඉඩකඩ සීමිත බවය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>