ව්‍යාපාරිකයකුගේ දරුවා පැහැරගනී
මීගලෑව, හුණුපොළගම ප්‍රදේශයේ හල් මෝල් ව්‍යාපාරිකයෙකුගේ සිව් හැවිරිදි පිරිමි දරුවා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. උවිඳු ඒකනායක නැමැති මෙම දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පැමිණ ඇත්තේ මෙම ව්‍යාපාරිකයා හමුවීමට අවශ්‍ය බව පවසමින්. මැරයින් දෙදෙනකු ෆුල් ෆේස් හෙල්මට් පැළැද සිටි බවත් තවත් දෙදෙනකු රෙදි පටි මුහුණේ බැඳගෙන සිටි බවත් පොලීසිය පවසයි. දරුවා පැහැර ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයාට සහ ඔහුගේ හය හැවිරිදි ගැහැණු දරුවාට ද පහරදී තිබේ.
කෙසේ වෙතත් පැහැරගැනීම සිදුකර ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. පැහැරගත් උවිඳු යශේන් ඒකනායක දරුවා ගැන අද (29) සවස්වන තුරුම නිසි තොරතුරක් ලැබී නොමැති අතර දරුවා පිළිබඳ යම් තොරතුරක් වේ නම්, ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස මීගලෑව පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.