වාද පිටිය කැළඹුවේ රන්ජන් රාමනායකද?

null

පෙරේදා (03) රාත්‍රියේ දෙරණ නාලිකාවේ විකාශය වූ වාද පිටිය දේශපාලන වැඩසටහනට සහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩසටහන අතුරතුර නැගිට ගියේ ඔහුට අපහස වන ආකාරයෙන් නරඹන්නෙක් ඇමතුමක් ලබාදුන් හේතුවෙනි.

ඔහු එදිනම රාත්‍රියේ මිරිහාන පොලිසියේ තමාගේ පෞද්ගලික ජීවිතයට අපහාස වන ආකාරයට ඇමැතුමක් ලබා දුන් දුරකතන අංකය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පැමිණිල්ලක් ගොනු කර ඇත. පසුව රහස් පොලිසියටත්, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතාටත් මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

මව්බිම පුවත්පත වාර්තා කරන්නේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය කරනු ලැබූ පරීක්ෂණයේදී එම දුරකතනය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට අයත් වූවක් බවට අනාවරණය කොටගෙන ඇති බවයි. වැඩි දුරටත් එහි සඳහන් වන්නේ ඊයේ (4දා) දිනයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය විසින් කරනු ලැබූ පරීක්ෂණවලදී එම ඇමැතුම ලැබුණු අංකය 0712 781811 බවත්, එය රන්ජන් රාමනායක මහතාගේ නමට ලියාපදිංචි කොට ඇති බවත් අනාවරණය කරගෙන ඇති බවයි. එම අංකය ලියාපදිංචි කිරීමට ලබා දී ඇති ලිපිනය වශයෙන් සඳහන් වී ඇත්තේ ‘රන්ජන් රාමනායක, අංක 4ඩී, පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය, මාදිවෙල, කෝට්ටේ’ ලෙසය.

කෙසේ වෙතත් එහි සත්‍ය අසත්‍යභාවය පිළිබඳව පොලිසිය මෙතෙක් තහවුරු කර නොමැත.

මේ අතර අද පුවත්පත රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මේ පිළිබදව විමසා තිබේ. එහිදී එම ඇමතුම ගත්තේ තමන්ද යන්න ඔහු කෙලින් ප්‍රකාශ කර නොමැත.

අද පුවත්පතේ පලවන එම සංවාදය පහතින්,

Q ඔබට චෝදනාවක් එල්ල වෙනවා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී අපහාස කළ බවට?

අධිකරණයට යන තත්ත්වයක්නෙ දැන් තියෙන්නේ. මං හිතන්නේ දැන් මාතර සුනිල් වගේ ලක්ෂ ගාණක් ලංකාවෙ ඉන්නවා. ඔහු කියලා තියෙන්නේ ජනාධිපතිතුමා ළඟ ෆයිල් තියන් ඉන්නවා, ඒ ෆයිල් තියෙන පුද්ගලයෙක් මෙතනත් ඉන්නව කියලයි.

ඔහු නමක් කියන්නේ නෑනේ. ඒක අහපු ගමන්ම ඇමතිතුමාට කේන්ති යනවානේ. ඒ කේන්ති ගියේ මාතර සුනිල් එක්කද, ෆයිල් තියෙනවා කියන ජනාධිපතිතුමා එක්කද කියලා අපි දන්නේ නෑ. ඔහු නැගිටලා යනවා. එතන හතරදෙනෙක් ඉන්නවා.

එහෙම ඉද්දී මෙතන එක්කෙනක් ඉන්නවා කියලා විතරයි කියන්නේ. ඒ ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා, නම් ගම් එක්ක කඩුවෙල උසාවියේ නඩුවක් තියෙනවා කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මාතර සුනිල් කියන්නේ කවුද කියලා.

Q එතකොට ඔබතුමා මේකට සම්බන්ධ නැද්ද?

සිම් එකයි ෆෝන් එකයි මගේ කියලා කියනවා. ඒක ඔප්පු කරන්න වෙන්නේ පොලීසිටම තමයි. පරීක්ෂණයකින්ම ඔප්පු වෙයි.

Q ඔබතුමා කතා කළේම නැද්ද?

ඒක කටහඬ පරීක්ෂණයකින්ම ඔප්පු කර ගනියි. මේක උසාවි යන වැඩක්නේ. ඒක දැන්ම කියන්න අමාරුයි. කොහොමහරි මාතර සුනිල් ඇහුවේ ජනතාවගේ ප්‍රශ්නයක්. අපි සියලු දෙනා ඒක වෙනුවෙන් පෙනී සිටිනවා.

Q ඔබතුමා නෙවෙයි කියලද ඔබ කියන්නේ?

ඒක නීතිමය ප්‍රශ්නයක් නිසා දැන්ම කියන්න බෑ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

පෙර පළවූ පුවත පහතින්,

දෙරණ වාදපිටිය අතරතුර නැගිටගිය ඇමති මහින්දානන්ද

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>