වාරියපොළ තරුණියට ඇප

wariyapola

වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිද්ධියට සම්බන්ධ තිළිණි අමල්කා තරුණියට වාරියපොළ පොලීසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ගල්කිස්ස පොලීසියෙන් දැනුම්දී තිබේ.

එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව ඇයගේ් මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට පොලිසිය ඇයව කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමුකළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයට එවැනි අසාමාන්‍ය මානසික තත්ත්වයක් නොමැති බවයි.

මෙම සිද්ධිය නැවතත් කතා බහට ලක්වුයේ ප්‍රහාරයට ලක්වූ දාසන් චන්ද්‍රකුමාර් හෙවත් ‘සෙල්වා’ තමාගේ වම් කනේ ආබාධයක් ඇතැයි පවසමින් ඊයේ වාරියපොළ රෝහලට ඇතුළත්ව ඇති අතර අනතුරුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුවයි.

මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය. එම පුද්ගලයා පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කරන බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට පත් තිළිනි අමල්කා නැමති තරුණිය වාරියපොල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000 ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>