වාස්ගේ පුතාගෙන් සාක්ෂිකරුට තර්ජන

null

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් නඩුව දෙසැම්බර් 1 වන දා සිට දිනපතා විභාග වේ. එහි පළමු සාක්ෂිකරු දෙසැම්බර් මස 5 වන දින සාක්ෂි ලබාදෙමින් පැවසුවේ සුදු වෑන් ඉන්චාජ් තමන් බව එවක පොලිස්පතිව සිටි වාස් පැවසු බවයි.

ඔහු සාක්ෂි ලබාදී අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේදී වාස්ගේ පුත් රවිඳු ගුණවර්ධන ඔහුට බැන තර්ජනය කර ඇති බව හිරු නිව්ස් සඳහන් කරයි.

අදාල සිද්ධිය පිළිබඳව සාක්ෂිකරු කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණය ආරම්භ කර තිබේ. කෙසෙල්වත්ත පොලීසිය ඊයේ (08) අධිකරණයට දැනුම් දී තිබෙන්නේ රවිඳු ගුණවර්ධනට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත්, රවිඳු ගුණවර්ධනගෙන් සහ එදින ඔහු ආසන්නයේ සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගන්නා බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>