29 Nov 2015
වාස්ගේ බිරිඳ මාරාන්තික උපවාසයක් අරඹන බව කියයි
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලි පෙරේරා මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ මහාධිකරණය විසින් පසුගියදා තම සැමියා ඇතුළු හය දෙනෙකුට ලබාදුන් නඩු තීන්දුව පිළිගත නොහැකි බවයි.
එසෙම තමා ඉදිරියේදී අදාළ පුද්ගලයින් හය දෙනා වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටද සුදානම් බවද ඇය සඳහන් කර තිබේ.
ඇය මේ බව කියා සිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී අද (29) උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
ඇය එහිදී වැඩි දුරටත් සඳහන් කළේ තම සැමියා සහ පුත්‍රයා ඇතුලූ හයදෙනෙකුට මරණ දඩුවම නියමවීමේ සිද්ධියෙන් පසු මොහොමඩ් සියාම්ගේ පියා කළ ප්‍රකාශය හදවතින්ම සිදුකරන ලද්දක් බවත්, පසුව එය ඔහු වෙනස් කළේ කිසිවෙකුගේ බලපෑම මත විය හැකි බවත් ය.